September 15th, 2009 by Shrilal
සුපුල් කුසුම් රොන් තුරැලිය දෙන සිසිල
සිහිල් පවන් රැළි නදියක දිය නිමල
ළදල් ලකින් ලදහැකි සුව අසල දොල
සියල් සැපත් විදි සරිවේ සසර කල
ඇතුන් මුවන් සා වලසුන් කැළ ව්හග
නුවන් පිනයි අම රස සේ තැබු තොලග
පවන් දොරට මුසු වු බිඟු නද සමග
නිරන්තරෙන් ගෙන යයි අප වෙතට සග
නසන්නෙකුට වු කුළුණින් දෙන සෙවණ
පසන් ගුණෙන් යුතු කවුරැද ගස පමණ
කටෙන් මරැගෙ රැක ගන්නට සතුන පණ
හපන් ඔසුව දිය බිද මිස වෙන කුමණ
කුරැල්ලෙකුගෙ කූඩුව තුළ රැදුණු පෙම
ඇසිල්ලකින් රැඳි රැක හා වැටෙයි බිම
මුදල් ලොබින් බල මිනිසගෙ අමන කම
මගුල් ජයයි මත පරිසර සොහොන් බිම
බුදුන් ලොවෙන් අග නැණ ලද ඇසතු මුල
නුවන් බැලුම් පුද ලදි සත් දිනක් කල
ලෙසින් රැකෙන ගජමුතු තුළ ඇතුන් දළ
යෙහෙන් රකිමු දය තුරැලිය සතුන් කැළ
Tags: batuwangala e village, shrilal
Posted in Uncategorized | No Comments »
September 11th, 2009 by Shrilal
දහම් සිසිලෙන් නැහැවුණු දඹදිව් තලය
බරණැස ඉසිපතන මිගද්‍රය
වරණ අස්සි යන ගංගා දෙක මේ නගරය අසලින් ගලා එන නිසා වරණ+අසි වරණාසි යනුවෙන් හැදින්වේවරණ ගගේ බටහිර තෙර ඉසිපතනාරාමය පිහිටා ඇත ඍෂිවරැන් හිමාලයේ සිට පිඩුසිගා වැඩීමට මෙහි පතිත වන හෙයින් ඉසිපතන යන නම ව්‍යාවහාර වී ඇත ගෞතම බුදුන්ට ඉඩ සලසනු පිණිස පසේ බුදුවරැන් පන්සිය නමක් එකවරම පිරිනිවන් පා මෙහි පතිත වු බැවින් ඉසිපතනාරාමයැයි ව්‍යාවහාර කරනු ලැබේ
යටගිය දවස බරණැස් නුවර යනුවෙන් ආරම්භ වන ජාතක කථා සිය ගණනකින්ඳ
Posted in Uncategorized | No Comments »
September 10th, 2009 by Shrilal
ඉපැරණි අනුරාධපුරය
ජය ශ්‍රී මහා බෝධිය
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට නමස්කාර කරමු
සුප තිට්ඨීත රට්ඨනුරාධපුරේ
සමධිට්ඨීත දක්ඛිණ ශාඛභවං
සුබ මේඝවනම්බර මේඝ නිභං
ජය බෝධි මහං පණමාමි වරං
අනුරාධපුරයේ පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකාවේම සුවිශේෂම පුජනීය ස්ථානය වන්නේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේයි ක්‍රි පූ තුන්වන සියවසේදී ලංකාවේ දේවානම් පියතිස්ස රජු රාජ්‍ය කරන සමයෙහි දඹදිව් තලයේ අශෝක අධිරාජ්‍යයාගේ දියණිය වූද ලංකාවට බුදු දහම හදුන්වා දුන් මිහිදු මහ රහතන් වහන්සේගේ නැගණිය වුද සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් දඹදිව් තලයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවණ ලදි
Posted in Uncategorized | No Comments »
July 24th, 2009 by Shrilal
මගේ නම ශ්‍රීලාල් ලියන වික්‍රම සිංහ. මමදකුණු පළාතේ ගාලු දිස්ත්‍රීක්කයේ නෙළුව ප්‍රදේශයේය මගේ වයස අවුරැදු 19යි මගෙ උපන් දිනය 1990.05.31 මම ඉගෙන ගන්නේ ගා/බටුවංගල නවෝද්‍යා පාසලේ 13 ශේණියේ කලා අංශයේ ඉගනුම ලබයි. මම හදාරනු ලබන විෂයන් වනුයේ දේශපාලන විද්‍යාව බෞද්ධ ශිෂ්ටාචාරය සිංහල යන විෂයන් හදාරනු ලබයි .මම කැමතිම විෂය දේශපාලන විද්‍යාවයි මම අමතර විෂයක් ලෙස පරිගණක ඉගෙන ගනියි. මම විනෝදාංශයන් ලෙස නවකතා පුවත්පත් කියවනවා ඊට අමතරව වොලිබෝ සෙල්ලමි කරනවා මගේ අනාගත බලාපොරොත්තුව පොලිස් නිලදාරියෙක් වීමටයි.මගේ පවුලේ හය දෙනෙක් සිටියි මගෙ අමිමා තාත්තා අක්කලා තිදෙනෙක් ඉන්නවා මගේ එක අක්කා කෙනෙක් විශ්ව විද්‍යාල වරමි ලබා ඇත අනිත් අක්කා රැකියාවක නිරත වෙයි අනෙත් අක්කා කසාදබැදලා මම 2010 අවුරැද්දේ උසස් පෙළ විභාගයට පෙනී සිටියි
Posted in Uncategorized | No Comments »
July 24th, 2009 by Shrilal
Welcome to schblogs.lk - Blogs for Teachers and Students in Sri Lanka. This is your first post. Edit or delete it, then start blogging!
Posted in Uncategorized | 1 Comment »