ඉපැරණි අනුරාධපුරය

ජය ශ්‍රී මහා බෝධිය

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට නමස්කාර කරමු
සුප තිට්ඨීත රට්ඨනුරාධපුරේ
සමධිට්ඨීත දක්ඛිණ ශාඛභවං
සුබ ‍‍‍මේඝවනම්බර මේඝ නිභං
ජය බෝධි මහං පණමාමි වරං

අනුරාධපුරයේ පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකා‍වේම සුවිශේෂම පුජනීය ස්ථානය වන්නේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේයි ක්‍රි පූ තුන්වන සියවසේදී ලංකා‍වේ දේවානම් පියතිස්ස රජු රාජ්‍ය කරන සමයෙහි දඹදිව් තලයේ අශෝක අධිරාජ්‍යයාගේ දියණිය වූද ලංකාවට බුදු දහම හදුන්වා දුන් මිහිදු මහ රහතන් වහන්සේගේ නැගණිය වුද සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් දඹදිව් තලයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවණ ලදි

Leave a Reply