Posts Tagged ‘batuwangala e village’

මව් පෙමින් සුරකිමු පරිසරය

Tuesday, September 15th, 2009

සුපුල් කුසුම් රොන් තුරැලිය දෙන   සිසිල
සිහිල් පවන් රැළි නදියක දිය     නිමල
ළදල් ලකින් ලදහැකි සුව අසල    දොල
සියල් සැපත් විදි සරිවේ සසර      කල

ඇතුන් මුවන් සා වලසුන් කැළ     ව්හග
නුවන් පිනයි අම රස සේ තැබු   තොලග
පවන් දොරට මුසු වු බිඟු නද      සමග
නිරන්තරෙන් ගෙන යයි අප වෙතට   සග

නසන්නෙකුට වු කුළුණින් දෙන   සෙවණ
පසන් ගුණෙන් යුතු කවුරැද ගස    පමණ
කටෙන් මරැගෙ රැක ගන්න‍ට සතුන  පණ
හපන් ඔසුව දිය බිද මිස වෙන    කුමණ

කුරැල්ලෙකුගෙ කූඩුව තුළ රැදුණු    පෙම
ඇසිල්ලකින් රැඳි රැක හා වැටෙයි    බිම
මුදල් ලොබින් බල මිනිසගෙ අමන  කම
මගුල් ජයයි මත පරිසර සොහොන්   බිම

බුදුන් ලොවෙන් අග නැණ ලද ඇසතු මුල
නුවන් බැලුම් පුද ලදි සත් දිනක්    කල
ලෙසින් රැකෙන ගජමුතු තුළ ඇතුන්   දළ
යෙහෙන් රකිමු දය තුරැලිය සතුන්   කැළ